අන්තර්ජාලය ඔස්සේ වහබ්වාදය සහ අන්තවාදී ක්‍රියා ප්‍රවර්ධනය කළ දෙදෙනෙක් TID අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ වහබ්වාදය සහ අන්තවාදී ක්‍රියා ප්‍රවර්ධනය කළ පුද්ගලයින් දෙදෙනෙක් ව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම සැකකරුවන් දෙදෙනා ව කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවය.

28 හැවිරිදි සහ 29 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක් එසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් විසින් කටාර් රාජ්‍යයේ සිට වට්ස්ඇප් ඔස්සේ මෙරට විවිධ ජන කොටස් අතර “වහබ්වාදය සහ අන්තවාදය” ප්‍රචාරයකර ඇති බවට අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අයි.එස්.අයි.එස් මතවාදය සඳහා යොමුවී සිටිම හේතුවෙන් කටාර් රාජ්‍යයේදී ඔවුන්ව බන්ධනාගාරගත කර ඇති අතර පසුගිය වසරේ නොවැම්බර් මස 21 වනදා ඔවුන් දෙදෙනා තවත් සිව් දෙනෙක් සමග මෙරටට පිටුවහල් කර තිබේ.

එම සිව් දෙනා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් මිට පෙර අත්අඩංගුවට ගැනුණි.

ඔවුන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?