අන්තර්ජාලය ඔස්සේ වහබ්වාදය සහ අන්තවාදී ක්‍රියා ප්‍රවර්ධනය කළ දෙදෙනෙක් TID අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ වහබ්වාදය සහ අන්තවාදී ක්‍රියා ප්‍රවර්ධනය කළ පුද්ගලයින් දෙදෙනෙක් ව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම සැකකරුවන් දෙදෙනා ව කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවය.

28 හැවිරිදි සහ 29 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක් එසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් විසින් කටාර් රාජ්‍යයේ සිට වට්ස්ඇප් ඔස්සේ මෙරට විවිධ ජන කොටස් අතර “වහබ්වාදය සහ අන්තවාදය” ප්‍රචාරයකර ඇති බවට අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අයි.එස්.අයි.එස් මතවාදය සඳහා යොමුවී සිටිම හේතුවෙන් කටාර් රාජ්‍යයේදී ඔවුන්ව බන්ධනාගාරගත කර ඇති අතර පසුගිය වසරේ නොවැම්බර් මස 21 වනදා ඔවුන් දෙදෙනා තවත් සිව් දෙනෙක් සමග මෙරටට පිටුවහල් කර තිබේ.

එම සිව් දෙනා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් මිට පෙර අත්අඩංගුවට ගැනුණි.

ඔවුන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09