ගුර්බාස්ගෙන් පල්ලෙකැලේ ක්‍රීඩාංගණ සේවකයින්ට තෑග්ගක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ඊයේ (14) අවසන් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිකර දෙමින්.

මෙම තරගාවලියේ සියලුම තරග පැවැත් වුණේ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

තරග තුනකින් සමන්විත මෙම එක්දින තරගාවලිය සඳහා ලබා දී තිබූ තණ තීරු ඉතා හොඳ මට්ටමේ තණතීරු බවට දෙපිළේම ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් සඳහන් කර සිටියා.

මේ අතර ඊයේ (15) රාත්‍රියේ තරගාවලිය අවසන් වීමෙන් පසු ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස් විසින් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ස්ථිර සේවකයින් වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.

ගුර්බාස් විසින් රුපියල් 30,000ක මුදලක් එම සේවකයින් අතරේ බෙදාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාංගණ කළමනාකරු වෙත ලබා දී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර පල්ලෙකැලේ දී එක්දින තරගාවලිය අවසන් කළ කණ්ඩායම් දෙකම විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් දඹුල්ල බලා පැමිණ ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22