spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගුර්බාස්ගෙන් පල්ලෙකැලේ ක්‍රීඩාංගණ සේවකයින්ට තෑග්ගක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ඊයේ (14) අවසන් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිකර දෙමින්.

මෙම තරගාවලියේ සියලුම තරග පැවැත් වුණේ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

තරග තුනකින් සමන්විත මෙම එක්දින තරගාවලිය සඳහා ලබා දී තිබූ තණ තීරු ඉතා හොඳ මට්ටමේ තණතීරු බවට දෙපිළේම ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් සඳහන් කර සිටියා.

මේ අතර ඊයේ (15) රාත්‍රියේ තරගාවලිය අවසන් වීමෙන් පසු ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස් විසින් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ස්ථිර සේවකයින් වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.

ගුර්බාස් විසින් රුපියල් 30,000ක මුදලක් එම සේවකයින් අතරේ බෙදාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාංගණ කළමනාකරු වෙත ලබා දී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර පල්ලෙකැලේ දී එක්දින තරගාවලිය අවසන් කළ කණ්ඩායම් දෙකම විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් දඹුල්ල බලා පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
53
+1
2
+1
53
+1
10
+1
5
+1
5
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?