AFC Banner
Empty Ad
Empty Ad

විදුලිය විසන්ධිකර ගිය නිවසේ පියා විදුලි සැර වැදී ජීවිතක්ෂයට

ගම්පොළ, පුපුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයෙක් විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදීමෙන් ඊයේ (09) දහවල් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගිස් ඇත්තේ පුපුරැස්ස, ලෙවලන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි දෙදරු පියෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අසල්වැසි නිවසකින් අදාළ පුද්ගලයාගේ නිවසට ඇද තිබූ විදුලි රැහැනක මොහු පැටලී විදුලි සැර වැදී ඇති බවයි වාර්තා වුණේ.

රුපියල් දස දහසක්ව පැවති නිවසේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් අදාළ පුද්ගලයාගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය විසින් පසුගිය දා කටයුතු කර තිබෙනවා.

ඒ, හේතුවෙන් දරුවන්ගේ පාඩම් කටයුතු සහ අනෙකුත් වැඩකටයුතු සිදුකර ගැනීමට නොහැකිව තත්ත්වයක් උදාවී ඇති අතර, ඊට පිළියමක් ලෙස මෙම පුද්ගලයා අසල්වැසි නිවසකින් මෙම නිවසට විදුලි රැහැනක් ඇද විදුලිය ලබාගැනීමට උත්සාහ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී මෙම පුද්ගලයා මෙලෙස විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ මරණය පරීක්ෂණය ගම්පොළ රෝහලේ හදිසි මරණ පරික්ෂකවරයා විසින් සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මෙලෙස මියගිය පුද්ගලයාගේ බිරිඳ මීට සතියකට පමණ පෙර රැකියාවක් සඳහා විදේශ ගත වී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
14
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?