විදුලිය විසන්ධිකර ගිය නිවසේ පියා විදුලි සැර වැදී ජීවිතක්ෂයට

ගම්පොළ, පුපුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයෙක් විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදීමෙන් ඊයේ (09) දහවල් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගිස් ඇත්තේ පුපුරැස්ස, ලෙවලන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි දෙදරු පියෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අසල්වැසි නිවසකින් අදාළ පුද්ගලයාගේ නිවසට ඇද තිබූ විදුලි රැහැනක මොහු පැටලී විදුලි සැර වැදී ඇති බවයි වාර්තා වුණේ.

රුපියල් දස දහසක්ව පැවති නිවසේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් අදාළ පුද්ගලයාගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය විසින් පසුගිය දා කටයුතු කර තිබෙනවා.

ඒ, හේතුවෙන් දරුවන්ගේ පාඩම් කටයුතු සහ අනෙකුත් වැඩකටයුතු සිදුකර ගැනීමට නොහැකිව තත්ත්වයක් උදාවී ඇති අතර, ඊට පිළියමක් ලෙස මෙම පුද්ගලයා අසල්වැසි නිවසකින් මෙම නිවසට විදුලි රැහැනක් ඇද විදුලිය ලබාගැනීමට උත්සාහ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී මෙම පුද්ගලයා මෙලෙස විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ මරණය පරීක්ෂණය ගම්පොළ රෝහලේ හදිසි මරණ පරික්ෂකවරයා විසින් සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මෙලෙස මියගිය පුද්ගලයාගේ බිරිඳ මීට සතියකට පමණ පෙර රැකියාවක් සඳහා විදේශ ගත වී ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32