දැඩිසත්කාරයේ ප්‍රතිකාර ලැබූ මායන්ක් අගර්වාල් රෝහලෙන් පිටව යයි

ගුවන් ගමනක් අතර තුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකළ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මායන්ක් අගර්වාල් රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වනවා.

ප්‍රතිකාර සඳහා ඔහු ඇතුළත් කළ අගර්තාලා රෝහලෙන් ඊයේ (31) පස්වරුවේ පිටවගොස් බැංගලෝරයට පැමිණ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

බැංගලෝරයට පැමිණි අගර්වාල් වැඩිදුර පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහලකට ගොස් ඇති බව සඳහන්.

ඔහු ආපසු බැංගලෝර් වෙත ගමන් කරන කාලය අතර තුර ඔහුව වේදනා රහිතව තබාගැනීම සඳහා වෛද්‍යවරුන් ඔහුට එන්නත් කිහිපයක් ලබා දී ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

පසුගිය අඟහරුවාදා අග්‍රවාල්, දිල්ලි වෙත ගමන් කරමින් සිටින අතර තුර පානීය ජලය ඇති බවට විශ්වාස කළ බෝතලයකින් දියර වර්ගයක් පානය කිරීමෙන් පසු ඔහුට හදිසි රෝගී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

අනතුරුව රෝහල් ගතකළ ඔහු ප්‍රතිකාර සඳහා දැඩිසත්කාර එක්කයට ඇතුළත් කෙරුණා.

රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී මායන්ක් අගර්වාල් විසින් කර්නාටක පිළ මෙහෙයවනු ලැබූ අතර, මෙම තත්ත්වය මත කර්ණාටක කණ්ඩායම තරගාවලියේ හෙට මුහුණ දෙන තරගය වෙනුවෙන් ඔහුට එක්වීමට අවස්ථාව මඟ හැරී ගොස් තිබෙනවා.

මේ අතර අගර්වාල් සිය නිල ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට සටහනක් තබමින් සඳහන් කළේ,

“මට දැන් හොඳක් දැනෙනවා, නැවත පැමිණීමට සූදානමින්. ආශිර්වාදය, ආදරය සහ සහයෝගය සඳහා සියලු දෙනාට ස්තූතියි, යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06