රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුවනවා.ඒ රාජකදළුව රෝමානු කතෝලික දේවස්ථාන සුසාන භූමියේදීයි.

ඔහුගේ දේහය ආරච්චිකට්ටුවේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර ඊට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල ජනතාවක් එක්ව සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය මේ වන විට තැන්පත් කර ඇත්තේ ආරච්චිකට්ටුවේ පිහිටි ඒ මහතාගේ නිවස පරිශ්‍රයේ ඉදිකෙරුණු තාවකාලික ශාලාවකයි.

ඔහුට අවසන් ගෞරව දැක්වීමට ප්‍රදේශවාසීන්, දේශපාලනඥයින් ඇතුලු බොහෝ පිරිසක් එහි පැමිණෙමින් සිටිනවා.

මිය යන විට 48 වැනි වියේ පසු වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිව් දරු පියෙක්.

අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය පළමුවෙන් මහජන ගෞරවය සඳහා කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරුණු අතර, එහිදී දේශපාලනඥයින්, පාක්ෂිකයන් ඇතුලු බොහෝ පිරිසක් පැමිණ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.

බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත පෙරේදා (26) පස්වරුවේ රැගෙන ගියා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය රිය පෙරහරකින් නිවසට රැගෙන ගිය අතර, මග දෙපස විශාල ජනතාවක් රැස්වෙමින් ඔහුට අවසන් ගෞරව දක්වනු ලැබුවා.

කටුනායක අධිවේගී මාර්ගයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් ගත් ජීප් රථය එම දෙසටම ධාවනය වූ කන්ටේනර් රථයක පිටුපස ගැටී පෙරේදා සිදු වූ අනතුරකින් රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වුණා.

එම පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතා පොලිස් සැරයන් නිලයට ද උසස් කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

මේ අතර, අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියදුරා වන 28 හැවිරිදි ප්‍රභාත් එරංග නැමැත්තා පෙබරවාරි මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. වැලිසර මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ නියෝගය ලබාදුන්නා.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට දිවි අහිමි වූ රිය අනතුර සම්බන්ධයෙන් එම රථය පැදවූ රියදුරා පොලීසියට විශේෂ කරුණු දැක්වීමක් කර තිබෙනවා.

ඒ අනුව වසර 10 ක පමණ කාලයක සිට ඔහුගේ රියදුරා ලෙස කටයුතු කළ ප්‍රභාත් එරංග මහතා පොලීසිය හමුවේ පවසා ඇත්තේ,

“අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න බලාගෙන ආවේ. ඒ වෙනකොට ඇමතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මංතීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ හැප්පුණා.ජීප් එක කන්ට්‍රොල් නැතුව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා.” යනුවෙනුයි.

කෙසේ වෙතත්, අභ්‍යන්තර පොලිස් ආරංචි මාර්ග සනාථ කළේ විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පැයට කිලෝමීටර් 160 ඉක්මවූ වේගයකින් ධාවනය කර ඇති බවටයි.

මේ අතර අනතුර සිදුවන අවස්ථාවේදී රියැදුරු මත්පැන් පානය කර සිටියේද යන්න සොයා බැලීම සඳහා කටුනායක අධිවේගී මාර්ග රථවාහන පොලීසිය අධිකරණ වෛද්‍ය නිලධාරින්ගෙන් ඉල්ලීමක්ද කර ඇති බව වාර්තා වනවා.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමඟ රිය අනතුරින් මිය ගිය ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතා පොලිස් සැරයන් නිලයට උසස් කර තිබෙනවා.

එසේම, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අනුරාධ ජයකොඩි මහතාගේ පවුලට රුපියල් ලක්ෂ 15ක් ලබා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14