TIN එක ගන්න රජය බිලියන 16ක් වියදම් කළ රැමිස් පද්ධතිය වැඩ නෑ (වීඩියෝ)

බදු පරිපාලන කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හඳුන්වාදී තිබෙන රැම්ස් ඩිජිටල් පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ටින් අංකය අනිවාර්ය කිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා.

රැමිස් පද්ධතියේ පවතින ගැටලු නිසා ටින් අංකය ඉල්ලුම් කරන ලද ලක්ෂයකට අධික පිරිසකට එම අංකය නිකුත් කිරීමටද නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ආදායාම් පරිපාලන කළමණාකරණ තොරතුරු පද්ධතිය හෙවත් රැමිස් පද්ධතියේ ගැටලු මතුවීම නිසා තාවකාලික වැට් සහතික නිකුත් කිරීම නතර කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළා.

සිංගප්පූරු සමාගමක් සමඟ එක්ව මෙම රැමිස් පද්ධතිය සකස් කිරීමට රජය රුපියල් බිලියන 16ක පමණ මුදලක් වැය කර ඇතැයිද අනාවරණවනවා.

රැමිස් පද්ධතියේ දුර්වලතා පවතින බවට කෝප් කමිටුවේදීද අවධානයට ලක්වුණා.

මීට අමතරව මෙම රැමිස් පද්ධතිය නඩත්තු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දිරි දීමනද ගෙවමින් වෙනම කාර්ය මණ්ලයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම රැමිස් පද්ධතිය හරියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පෙබරවාරි මස පළමුවැනිදා සිට බදු ගෙවන්නන් හදුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය අනිවාර්ය කිරීමට නියමිත වුවද එය මේ වන විට අප්‍රේල් මස පළමුවැනිදා දක්වා කල් දමා තිබෙනවා.

කෙසේ වෙතත් රැමිස් පද්ධතිය කඩිනමින් යථාවත් කිරීමට බලාපොරොත්තු වන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56