AFC Banner
Empty Ad
Empty Ad

සුරා බදු නොගෙවූ සමාගම්වල බලපත්‍ර අත්හිටුවීමේ නියෝගයක් ඉල්ලා පෙත්සමක්

සුරා බදු ගෙවීම පැහැරහැරි මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා නිකුත් කළ බලපත්‍ර අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මේ වනවිට පැහැරහැර ඇති සුරා බදු මුදල් එම සමාගම්වලින් අයකර ගැනීමේ නියෝගයක් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ව ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කළා.

එහි වග උත්තරකරුවන් ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය, ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ රජය සුරා බදු තුළින් අපේක්ෂා කරන ආදායම ලබා ගැනීමට නොහැකිවීම නිසා දේශීය ආර්ථිකයට බරපතල අපහසු තත්වයක් උද්ගත වී තිබෙන බවයි.

2022 වසරේ අපේක්ෂිත රාජ්‍ය බදු ආදායමෙන් රුපියල් බිලියන 101 රජයට අහිමි වී ඇති බවත් ඉන් රුපියල් බිලියන 26ක් සුරා බදු ආදායම බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් පැහැර හැර තිබෙන බදු මුදල් අය කර ගැනීමට අපොහොසත් වීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු වග උත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එසේම බදු ගෙවීම පැහැර හල මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අලුත් කිරීම සහ අලුතින් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමින් අයෑද තිබෙනවා.

එසේම අදාළ මත්පැන් සමාගම් මේ වනවිට ගෙවීම පැහැර හැර ඇති සුරාබදු සංඛ්‍යාලේඛන පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?