සුරා බදු නොගෙවූ සමාගම්වල බලපත්‍ර අත්හිටුවීමේ නියෝගයක් ඉල්ලා පෙත්සමක්

සුරා බදු ගෙවීම පැහැරහැරි මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා නිකුත් කළ බලපත්‍ර අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මේ වනවිට පැහැරහැර ඇති සුරා බදු මුදල් එම සමාගම්වලින් අයකර ගැනීමේ නියෝගයක් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ව ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කළා.

එහි වග උත්තරකරුවන් ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය, ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ රජය සුරා බදු තුළින් අපේක්ෂා කරන ආදායම ලබා ගැනීමට නොහැකිවීම නිසා දේශීය ආර්ථිකයට බරපතල අපහසු තත්වයක් උද්ගත වී තිබෙන බවයි.

2022 වසරේ අපේක්ෂිත රාජ්‍ය බදු ආදායමෙන් රුපියල් බිලියන 101 රජයට අහිමි වී ඇති බවත් ඉන් රුපියල් බිලියන 26ක් සුරා බදු ආදායම බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් පැහැර හැර තිබෙන බදු මුදල් අය කර ගැනීමට අපොහොසත් වීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු වග උත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එසේම බදු ගෙවීම පැහැර හල මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අලුත් කිරීම සහ අලුතින් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමින් අයෑද තිබෙනවා.

එසේම අදාළ මත්පැන් සමාගම් මේ වනවිට ගෙවීම පැහැර හැර ඇති සුරාබදු සංඛ්‍යාලේඛන පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලැජ්ජයි..ඔයාලා තමයි රටේ සා#පය - මෙහෙම ගියොත් රට බංකොළොත් වෙනවා
09:15
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු වෙන අයුරු - තවත් පොලිස් නිලධාරින් පැමිණෙයි
01:45
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ දේහය කොළඹ නැගෙනහිර මූලික රෝහලට - මෙන්න නිවසේ නවතම දර්ශන
01:46
Video thumbnail
BREAKING පිස්ටල් එකත් බිම.. එළියේ තමයි වෙලා තියෙන්නේ.. සිද්ධිය වූ තැන නවතම දර්ශන පෙළ මෙන්න
00:28
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන
01:18
Video thumbnail
නවගමුවේ වෙ# වැදුණු තරුණයා එළොව යයි
01:21
Video thumbnail
බුත්තල - කතරගම මාර්ගය දෙපස වනඅලි ගැවසීම වැඩි වෙයි
01:25
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන.."රතිඤ්ඤාවක් වගේ ඇහුණා..ඊට පස්සේ කෑගැහුවා"
03:09
Video thumbnail
කොහොමද පාරේ ඉන්න අමුත්තා ?බුත්තල - කතරගම මාර්ගය දෙපස වනඅලි ගැවසීම වැඩි වෙයි
01:59
Video thumbnail
ආයේ උපදෙස් දෙන්නේ නෑ..එක කීටයෙක් හිටියත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:34