AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් ප්‍රවාහන රථයක් පිපිරීමෙන් පුද්ගලයන් 6ක් ජිවිතක්ෂයට

මොංගෝලියාවේ Ulaanbaatar අගනුවරදී ටොන් 60ක ස්වභාවික ද්‍රව ගෑස් රැගෙන යමින් තිබූ ට්‍රක් රථයක් පුපුරා යාමෙන් ගිනි නිවන භටයින් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් තිබෙනවා.

අද උදෑසන ගෑස් රැගත් ට්‍රක් රථය මෝටර් රථයක ගැටීමෙන් ගින්න හටගෙන ඇති අතර එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් විශාල පිරිසක් ද යවා ඇති බවයි මොංගෝලියා බලධාරීන් සඳහන් කළේ.

ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ගින්න අවට ගොඩනැගිලි වෙත ද පැතිර ගොස් තිබුණා.

මොංගෝලියාවේ නියෝජ්‍ය අගමැති Sainbuyan Amarsaikhan ප්‍රකාශ කළේ ගින්නෙන් කිසිදු ගොඩනැගිල්ලක ඇතුළත ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි.

තුවාල ලැබූවන් අතර ළමුන් හතර දෙනෙකු සිටින බවත්, විෂ ශරීරගත වීම සඳහා ප්‍රතිකාර ලබන එක් අයෙකු ද සිටින බවයි මොන්ගෝලියාවේ ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය සඳහන් කළේ.

මෙවැනි අනතුරුදායක බරක් රැගත් ටැංකියකට පාසල් රැසක් ඇතුළත් නේවාසික ප්‍රදේශයට යාමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ද ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?