හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සහ ඔහුගේ වැඩිමල් පුත්‍රයා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවතින නඩු දෙකක් අද (13) දිනයේ කැඳවීමට නියමිතයි.
සිරිලිය සවිය සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් ලබාදෙන බවට පවසා ඒ සඳහා රුපියල් ලක්ෂ 100ක මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙතින් ලබාගෙන එම යන්ත්‍රය ලබානොදීම තුළින් රජයේ මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීමෙන් දූෂණය නමැති වරද සිදු කිරීම හා පොදු දේපළ පනත යටතේ වන වැරදි කිරීම යන චෝදනා මත ශිරන්ති රාජපක්ෂට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව පවතිනවා.
මෙම චෝදනාවලට අදාළව පසුගිය 07 වනදා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගැනුණු ශිරන්ති රාජපක්ෂ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (13) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කෙසේ වෙතත් ඇය ඊයේ (12) බන්ධනාගාරයේ සිට කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කෙරුණා .
ඒ, අනුව ඇය මේ වනවිට එම ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අදාළව එයාර් බස් ගනුදෙනුවේ දී සිදුවූ බව කියන රුපියල් මිලියන 100ක අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුව අද (13) දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමටව තිබෙනවා.
පසුගිය 29 වනදා මෙම නඩුව අවසන්වරට කැඳවූ අවස්ථාවේ දී සැකකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
