හූති ඉලක්ක 8කට අමෙරිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාවක්

අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය යළි හූති කැරලිකරුවන් ඉලක්ක කරගනිමින් ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, භූගත ගබඩාවක් ඇතුළු යේමනයේ හූති ඉලක්ක 8කට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බවයි.

පසුගිය නොවැම්බර් මාසයේදී හූති කැරලිකරුවන් රතු මුහුදේ ගමන් ගන්නා නෞකාවලට පහර දීම ආරම්භ කළා.

ඒ, ඊශ්‍රායල – හමාස් ගැටුමේදී ඔවුන් හමාස් සංවිධානයට සහයෝගය පළ කරන බව නිවේදනය කරමිනුයි.

එනමුත් ඊට එරෙහිව අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය පසුගිය ජනවාරි 11 වැනි දා යේමනයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් නාවික ආරක්ෂණ බලකායක් ද පිහිටවමින්.

විශේලේෂකයින් පෙන්වා දුන්නේ, අමෙරිකාව ඇතුළු බටහිර රටවල මෙම මැදිහත්වීම මැද පෙරදිග කලාපයේ ගැටුම් ව්‍යාප්ත කිරීමට හේතු වනු ඇති බවයි.

මේ අතර ඇමරිකාව සඳහන් කරන්නේ, නිදහස් වෙළෙඳාම ආරක්ෂා කිරීමේ අරමුණින් යේමනයට ප්‍රහාර එල්ල කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?