කණ්ඩම්බි ජැෆ්නා කිංග්ස් ප්‍රධාන පුහුණුකරු තනතුර හැර යයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශුරතාව අවස්ථා තුනක දී ජයග්‍රහණය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ තිළිණ කණ්ඩම්බි එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

කණ්ඩම්බි ඒ බව සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට සහ තමන්ට නව මුහුණුවරක් එක් කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි ඔහු එහි වැඩිදුරටත් දක්වා තිබුණේ.

ජැෆ්නා කණ්ඩායම 2020, 2021 සහ 2022 යන වසරවල දී ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව ජයග්‍රහණය කළ අතර, එම අවස්ථා තුනේදීම ප්‍රධාන පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බි කටයුතු කළා.

මේ අතර නිමා වූ සිම්බාබ්වේ සමඟ තරගාවලියේ දී තිළිණ කණ්ඩම්බි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස සිය දායකත්වය ලබා දුන්නා.

1 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?