ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පත් කිරීම ගැන නොදන්නා බව ජොන්ටි රෝඩ්ස් කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකාර ධුරයක් භාර ගන්නා බවට පළ වන වාර්තා දකුණු අප්‍රිකානු ක්‍රිකට් පුහුණුකරු ජොන්ටි රෝඩ්ස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විධායක කමිටු තීරණ සම්බන්ධයෙන් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ දේශීය පුහුණුකරුවන්, භෞතචිකිත්සකයින් සඳහා ඔවුන්ගේ කුසලතා සහ නිපුණතා වැඩි දියුණු කිරීමට උසස් පුහුණුවක් ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රකට දක්ෂයින් කිහිප දෙනෙකුගේ සේවය ලබා ගැනීමට තීරණය කර ඇති බවයි.

තෝරාගත් ප්‍රදේශවල වරින් වර පුහුණු වැඩසටහන් පැවැත්වීම ද ඊට අයත්.

මේ සඳහා විශේෂඥ පන්දු රැකීමේ පුහුණුකරුවෙකු වන හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස්, හිටපු ඉන්දීය වේගපන්දු යැවීමේ පුහුණුකරු භාරත් අරුන් සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු භෞත චිකිත්සක ඇලෙක්ස් කවුන්ටූරිගේ සේවය ලබා ගැනීමට විධායක කමිටුව තීරණය කර ඇති බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුණේ. මෙම වැඩසටහන මේ වසරේ ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙරට ක්‍රීඩා වෙබ් අඩවියක් අදාළ පුවත සම්බන්ධයෙන් කළ වාර්තාවට ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වමිනුයි ජොන්ටි රෝඩ්ස් එය ප්‍රතික්ෂේප කළේ. මෙය තමාට ද පුවතක් බවයි ඔහු ප්‍රකාශ කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27