රට පුරා රෝහල් 41ක කටයුතුවලට යුද හමුදා සාමාජිකයින් (ඡායාරූප)

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා ප්‍රධාන රෝහල් රැසකට ඒවායේ කටයුතු සිදුකරගෙන යාම සඳහා යුද හමුදා භටපිරිස් යොදවා ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළා.

ඒ, අනුව කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල , කලුබෝවිල, පේරාදෙණිය, මාතලේ, බදුල්ල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල්, මාතර, බලංගොඩ, අවිස්සාවල්ල, මුල්ලේරියාව, අංගොඩ, ඇහැළියගොඩ, නුවරඑළිය, නාවලපිටිය, මොණරාගල, හම්බන්තොට, දෙබරවැව, මැදිරිගිරිය, බකමූණ, හිඟුරක්ගොඩ, ගල්ඔය, හතරැස්කොටුව, දියබෙදුම, අරලගංවිල, දම්මින්න, මනම්පිටිය, පුලස්තිගම, ගල්අමුණ ඇතුළු දිවයින පුරා පිහිටි රජයේ රෝහල් 41කට මෙලෙස හමුදා භට පිරිස් කැඳවා තිබෙනවා.

ඒ, අනුව 829ක භටපිරිස් ප්‍රමාණයක් රෝහල් පද්ධතියේ දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දැනට යොදවා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම භටපිරිස්වලට අමතරව හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සඳහා යෙදවීම සඳහා අවශ්‍යය භටපිරිස් සූදානම් කරන ලෙසත් හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ උපදෙස් ලබා දී තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති අද (16) පෙරවරු 6.30 සිට ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

WhatsApp Image 2024 01 16 at 11.48.44 AM 1
WhatsApp Image 2024 01 16 at 11.48.44 AM
WhatsApp Image 2024 01 16 at 11.48.45 AM 1
WhatsApp Image 2024 01 16 at 11.48.45 AM
WhatsApp Image 2024 01 16 at 11.48.46 AM 1
WhatsApp Image 2024 01 16 at 11.48.46 AM
WhatsApp Image 2024 01 16 at 11.48.47 AM 1
WhatsApp Image 2024 01 16 at 11.48.47 AM
WhatsApp Image 2024 01 16 at 11.48.48 AM 1
WhatsApp Image 2024 01 16 at 11.48.48 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
2
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32