රට පුරා රෝහල් 41ක කටයුතුවලට යුද හමුදා සාමාජිකයින් (ඡායාරූප)

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා ප්‍රධාන රෝහල් රැසකට ඒවායේ කටයුතු සිදුකරගෙන යාම සඳහා යුද හමුදා භටපිරිස් යොදවා ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළා.

ඒ, අනුව කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල , කලුබෝවිල, පේරාදෙණිය, මාතලේ, බදුල්ල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල්, මාතර, බලංගොඩ, අවිස්සාවල්ල, මුල්ලේරියාව, අංගොඩ, ඇහැළියගොඩ, නුවරඑළිය, නාවලපිටිය, මොණරාගල, හම්බන්තොට, දෙබරවැව, මැදිරිගිරිය, බකමූණ, හිඟුරක්ගොඩ, ගල්ඔය, හතරැස්කොටුව, දියබෙදුම, අරලගංවිල, දම්මින්න, මනම්පිටිය, පුලස්තිගම, ගල්අමුණ ඇතුළු දිවයින පුරා පිහිටි රජයේ රෝහල් 41කට මෙලෙස හමුදා භට පිරිස් කැඳවා තිබෙනවා.

ඒ, අනුව 829ක භටපිරිස් ප්‍රමාණයක් රෝහල් පද්ධතියේ දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දැනට යොදවා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම භටපිරිස්වලට අමතරව හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සඳහා යෙදවීම සඳහා අවශ්‍යය භටපිරිස් සූදානම් කරන ලෙසත් හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ උපදෙස් ලබා දී තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති අද (16) පෙරවරු 6.30 සිට ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

WhatsApp Image 2024 01 16 at 11.48.44 AM 1
WhatsApp Image 2024 01 16 at 11.48.44 AM
WhatsApp Image 2024 01 16 at 11.48.45 AM 1
WhatsApp Image 2024 01 16 at 11.48.45 AM
WhatsApp Image 2024 01 16 at 11.48.46 AM 1
WhatsApp Image 2024 01 16 at 11.48.46 AM
WhatsApp Image 2024 01 16 at 11.48.47 AM 1
WhatsApp Image 2024 01 16 at 11.48.47 AM
WhatsApp Image 2024 01 16 at 11.48.48 AM 1
WhatsApp Image 2024 01 16 at 11.48.48 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19