AFC Banner
Empty Ad
Empty Ad

කතකගේ රන්මාලයක් කොල්ලකෑ සැකකරු ගුටි කා ජීවිතක්ෂයට

කාන්තාවකගේ ගෙළ බැඳි රන්මාලයක් කොල්ලකා පලායමින් සිටි පුද්ගලයෙකු,පිරිසක් විසින් අල්ලාගෙන පහර දී පොලිසියට භාරදීමෙන් පසු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

පානදුර දකුණ පොලිසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවන පානදුර, පිංවල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවයි.

මෙම පුද්ගලයා ඊයේ (14) පස්වරුවේ පානදුර නගරයේ දී කාන්තාවකගේ ගෙළ බැඳි රන්මාලයක් කොල්ලකා පලායෑමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී ඔහුව පිරිසක් විසින් අල්ලා පහරදී පානදුර දකුණ පොලිසියට භාරදී ඇති බවයි වාර්තා වුණේ.

පොලිසියට භාරදුන් මෙම පුද්ගලයා තරමක් අපහසුවෙන් පසුවීමත් සමඟ පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමටයි පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත්තේ.

එලෙස රෝහල් ගත කළ එම පුද්ගලයා ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

පශ්චාත් මරණ පරීක්ෂණය මෘත දේහය පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර, පානදුර දකුණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?