කතකගේ රන්මාලයක් කොල්ලකෑ සැකකරු ගුටි කා ජීවිතක්ෂයට

කාන්තාවකගේ ගෙළ බැඳි රන්මාලයක් කොල්ලකා පලායමින් සිටි පුද්ගලයෙකු,පිරිසක් විසින් අල්ලාගෙන පහර දී පොලිසියට භාරදීමෙන් පසු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

පානදුර දකුණ පොලිසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවන පානදුර, පිංවල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවයි.

මෙම පුද්ගලයා ඊයේ (14) පස්වරුවේ පානදුර නගරයේ දී කාන්තාවකගේ ගෙළ බැඳි රන්මාලයක් කොල්ලකා පලායෑමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී ඔහුව පිරිසක් විසින් අල්ලා පහරදී පානදුර දකුණ පොලිසියට භාරදී ඇති බවයි වාර්තා වුණේ.

පොලිසියට භාරදුන් මෙම පුද්ගලයා තරමක් අපහසුවෙන් පසුවීමත් සමඟ පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමටයි පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත්තේ.

එලෙස රෝහල් ගත කළ එම පුද්ගලයා ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

පශ්චාත් මරණ පරීක්ෂණය මෘත දේහය පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර, පානදුර දකුණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56