තුන් වසරකට පසු 20-20 පිටියට ආ ඇන්ජි, දසුන් සමඟ එක්ව ශ්‍රී ලංකාවට සුපිරි ජයක් ගෙන එයි

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් වුණා.

ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තේ කඩුලු 03කින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 143ක් රැස් කළා.

ලකුණු 144ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා එම ඉලක්කය කඩුලු 07ක් දැවී තිබිය දී ඉනිමේ අවසන් පන්දුවේ දී පසුකර ගියා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගිය ඇන්ජලෝ මැතිව්ස් පන්දු 38ක් තුළ රැස්කළ ලකුණු සංඛ්‍යාව 46ක්.

ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් සඳහා එක්වුණේ වසර 03කට පසුව වීම විශේෂත්වයක්.

ඔහු අනෙගි සහායක් ලබාදුන් දසුන් ශානක නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 26ක්.

අවසන් පන්දු දෙක තුළ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 06ක ඉලක්කයක් හිමි වූ අතර එම ලකුණු 06 ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක්කරන්නට මැතිව්ස්ගේ දැවීයාමෙන් පසු පිටියට පැමිණි දුෂ්මන්ත චමීරට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
4
+1
23
+1
5
+1
7
+1
7
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?