තුන් වසරකට පසු 20-20 පිටියට ආ ඇන්ජි, දසුන් සමඟ එක්ව ශ්‍රී ලංකාවට සුපිරි ජයක් ගෙන එයි

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් වුණා.

ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තේ කඩුලු 03කින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 143ක් රැස් කළා.

ලකුණු 144ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා එම ඉලක්කය කඩුලු 07ක් දැවී තිබිය දී ඉනිමේ අවසන් පන්දුවේ දී පසුකර ගියා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගිය ඇන්ජලෝ මැතිව්ස් පන්දු 38ක් තුළ රැස්කළ ලකුණු සංඛ්‍යාව 46ක්.

ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් සඳහා එක්වුණේ වසර 03කට පසුව වීම විශේෂත්වයක්.

ඔහු අනෙගි සහායක් ලබාදුන් දසුන් ශානක නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 26ක්.

අවසන් පන්දු දෙක තුළ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 06ක ඉලක්කයක් හිමි වූ අතර එම ලකුණු 06 ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක්කරන්නට මැතිව්ස්ගේ දැවීයාමෙන් පසු පිටියට පැමිණි දුෂ්මන්ත චමීරට හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14