සරම කැඩුණා කියා මාංචුත් එක්ක පැන ගිය සැකකරු අල්ලයි

පොලිස් අත්අඩංගුවෙන් මිදී වැවකට පැන පළාගිය පුද්ගලයෙකු යළිත් පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

වතුර මෝටර් 3ක් සොරකම් කිරීම සම්බන්ධයෙනුයි මෙම සැකකරු අඹගස්දෝව පොලිසිය මගින් ලුණුඅටුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ.

53 හැවිරිදි සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී දඹගල්ල වැවේ වතුර මෝටර් දෙකක් සඟවා ඇති බවට පොලිසියට ප්‍රකාශ කර තිබුණා.

එම වතුර මෝටර් සොයා ගැනීම සඳහා සැකකරු සමග පොලිස් නිලධාරීන් පිරිසක් අදාළ වැවට ගොස් තිබූ අතර එහිදී සැකකරු ප්‍රකාශ කර ඇත්තේ තම සරම ගැලවී ඇති බැවින් එය සකස් කර ගත යුතු බවයි.

ඒ අනුව පොලිස් නිලධාරීන් එක් මාංචුවක් ලිහිල් කිරීමෙන් පසු සැකකරු එම මාංචු ද සමග වැවට පැන පළාගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු වැවෙහි ගිලී ඇති බවට පොලිසිය සැක කළ අතර ඔහු සොයා ප්‍රදේශවාසීන් ද එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා.

එහිදී සොයා ගැනීමට නොහැකි වූ අතර දිනකට පමණ පසු පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම පුද්ගලයා වැලිමඩ නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කපා දමා තිබූ මාංචු කුට්ටම ද පොලිසිය සොයා ගත් අතර සැකකරු සමග ගොස් වැවේ සඟවා තිබූ වතුර මෝටර් දෙකක් ද සොයාගෙන තිබෙනවා.

අලෙවි කර තිබූ තවත් වතුර මෝටරයක් ද සොයා ගැණුනු අතර මේවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ 2ක් පමණ වන බව සඳහන්.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිර’ීමට නියමිත අතර අඹගස්දෝව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03