spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සරම කැඩුණා කියා මාංචුත් එක්ක පැන ගිය සැකකරු අල්ලයි

පොලිස් අත්අඩංගුවෙන් මිදී වැවකට පැන පළාගිය පුද්ගලයෙකු යළිත් පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

වතුර මෝටර් 3ක් සොරකම් කිරීම සම්බන්ධයෙනුයි මෙම සැකකරු අඹගස්දෝව පොලිසිය මගින් ලුණුඅටුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ.

53 හැවිරිදි සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී දඹගල්ල වැවේ වතුර මෝටර් දෙකක් සඟවා ඇති බවට පොලිසියට ප්‍රකාශ කර තිබුණා.

එම වතුර මෝටර් සොයා ගැනීම සඳහා සැකකරු සමග පොලිස් නිලධාරීන් පිරිසක් අදාළ වැවට ගොස් තිබූ අතර එහිදී සැකකරු ප්‍රකාශ කර ඇත්තේ තම සරම ගැලවී ඇති බැවින් එය සකස් කර ගත යුතු බවයි.

ඒ අනුව පොලිස් නිලධාරීන් එක් මාංචුවක් ලිහිල් කිරීමෙන් පසු සැකකරු එම මාංචු ද සමග වැවට පැන පළාගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු වැවෙහි ගිලී ඇති බවට පොලිසිය සැක කළ අතර ඔහු සොයා ප්‍රදේශවාසීන් ද එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා.

එහිදී සොයා ගැනීමට නොහැකි වූ අතර දිනකට පමණ පසු පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම පුද්ගලයා වැලිමඩ නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කපා දමා තිබූ මාංචු කුට්ටම ද පොලිසිය සොයා ගත් අතර සැකකරු සමග ගොස් වැවේ සඟවා තිබූ වතුර මෝටර් දෙකක් ද සොයාගෙන තිබෙනවා.

අලෙවි කර තිබූ තවත් වතුර මෝටරයක් ද සොයා ගැණුනු අතර මේවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ 2ක් පමණ වන බව සඳහන්.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිර’ීමට නියමිත අතර අඹගස්දෝව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?