සෞඛ්‍ය වර්ජනය අදින් අවසන් – ලංකා හෙද සංගමය සහ සුව ඇමති අතර විශේෂ හමුවක්

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ආරම්භ කළ වැඩ වර්ජනට අද (12) පෙරවරුවේ අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

රජය විසින් රුපියල් 35,000ක දීමනාවක් වෛද්‍යවරුන්ට ලබාදීමට ගත් තීරණයත් සමඟ, එම දීමනාව තමන් වෙත ද ලබාදෙන ලෙස ඉල්ලමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයට පසුගිය අඟහරුවාදා අවතීර්ණ වුණා.

ඊට අමතරව රෝහල් පරිපාලන නිලධාරීන්, සෞඛ්‍ය කාර්යය සහයකයින් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය ද ඊයේ (11) උදෑසන 6.00 සිට එක්දින වැඩවර්ජනයක් ආරම්භ කළා.

මේ හේතුවෙන් පසුගිය දින කිහිපයේ දී සෞඛ්‍ය සේවාවේ බිඳ වැටීමක් සිදු වූ අතර, එම තත්ත්වය මඟ හරවා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද හමුදාව රජයේ රෝහල් වෙත කැඳවීමටයි රජය කටයුතු කළේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් අද (12) සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මෙහිදී පවතින තත්ත්වය සහ යෝජනා ඇතුළත් ලිපියක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාරදීමට කටයුතු කරන බවයි සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19