සෞඛ්‍ය වර්ජනය අදින් අවසන් – ලංකා හෙද සංගමය සහ සුව ඇමති අතර විශේෂ හමුවක්

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ආරම්භ කළ වැඩ වර්ජනට අද (12) පෙරවරුවේ අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

රජය විසින් රුපියල් 35,000ක දීමනාවක් වෛද්‍යවරුන්ට ලබාදීමට ගත් තීරණයත් සමඟ, එම දීමනාව තමන් වෙත ද ලබාදෙන ලෙස ඉල්ලමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයට පසුගිය අඟහරුවාදා අවතීර්ණ වුණා.

ඊට අමතරව රෝහල් පරිපාලන නිලධාරීන්, සෞඛ්‍ය කාර්යය සහයකයින් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය ද ඊයේ (11) උදෑසන 6.00 සිට එක්දින වැඩවර්ජනයක් ආරම්භ කළා.

මේ හේතුවෙන් පසුගිය දින කිහිපයේ දී සෞඛ්‍ය සේවාවේ බිඳ වැටීමක් සිදු වූ අතර, එම තත්ත්වය මඟ හරවා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද හමුදාව රජයේ රෝහල් වෙත කැඳවීමටයි රජය කටයුතු කළේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් අද (12) සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මෙහිදී පවතින තත්ත්වය සහ යෝජනා ඇතුළත් ලිපියක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාරදීමට කටයුතු කරන බවයි සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51