දේශපාලන පක්ෂ පාලනය කරන නීතිරීති අවශ්‍ය බව ජනපති කියයි

සියලු පුරවැසියන් දායක කරගනිමින් සමාජ, සංස්කෘතික, ආගමික සහ අධ්‍යාපනික වශයෙන් රට තුළ ශක්තිමත් පදනමක් ඇති කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ දිවංගත ඩී.බී. ජයතිලක මැතිතුමා ගෙන ගිය අන්දමේ වැඩපිළිවෙළක් නැවත රටට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙනවා.

වර්තමානය දෙස නොව අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සියලුදෙනා එකට එක්ව ඉදිරියට යා යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කොළඹ තරුණ බෞද්ධ සංගමයේ 125 වැනි සංවත්සර උත්සවය අමතමින්.

කොළඹ තරණ බෞද්ධ සංගමය 1898 ජනවාරි 08 වන දින ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

එහි ආරම්භක සභාපතිවරයා ලෙස ඩී.බී. ජයතිලක පත් වූ අතර, මෙරට පැරණිතම වූත්, විශාලතම වුත් බෞද්ධ සංවිධානය ලෙස කොළඹ තරුණ බෞද්ධ සංගමය රට වෙනුවෙන් පුළුල් මෙහෙවරක් ඉටු කරමින් සිටිනවා.

‘ලංකාභිමානය – එක ශ්‍රී ලංකාවක් සඳහා කතිකාව’ යන තේමාව යටතේ මෙවර සංවත්සර උත්සවය සංවිධානය කර තිබුණා.

125 වන සැමරුම නිමිත්තෙන් එළිදැක් වූ සමරු කලාපය ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දසදෙනකුට ශිෂ්‍යත්ව පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු කෙරුණා.

අනතුරුව ජනාධිපතිවරයා සංගමයේ ප්‍රධානීන්, පාලක මණ්ඩල සාමාජිකයන් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“කොළඹ තරුණ බෞද්ධ සංගමය ආරම්භ කර වසර 125ක් සම්පූර්ණ වී තිබෙනවා. මෙම සංගමය ලංකාවේ ඉතිහාසය නිර්මාණය කළ සංගමයක් බව කිවයුතුයි. එම සමයේ දී බටහිර රටවල ක්‍රිස්තියානි තරුණ සමිති ඇති කළා. එවකට අප සිටියේ බෞද්ධ පුනරුදය සමඟයි. එදා අපේ රටේ බෞද්ධ පුනරුදය නඟා සිටුවීමට හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, ඕල්කට්තුමා වැනි අය නායකත්වය ගනු ලැබුවා. එවන් පසුබිමක අප තරුණ බෞද්ධ සංගමය ආරම්භ කරනු ලැබුවා.
මෙම සංගමයේ දැක්ම බටහිර රටවලට වඩා වෙනස්. බෞද්ධ අධ්‍යාපනයෙන් රට ඉදිරියට ගෙන යාමට මෙම සංගමය මනා පිටිවහලක් වුණා. මෙහි නායකත්වය ගනු ලැබුවේ ඩී.බී.ජයතිලක මැතිතුමා. එම මැතිණියත් කැලණිය රජමහා විහාරය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළා. තරුණ බෞද්ධ සංගමය අපේ නිදහස් ව්‍යාපාරයට සම්බන්ධ වූ ප්‍රධාන බලවේගයක් ලෙස අප සලකනවා. මෙහි 125 වැනි සංවත්සරය සමරන අවස්ථාවේ මෙම සංගමයට උපකාරයක් කිරීමට මම සිතුවා. කොළඹ කොටුවේ පිහිටි රජයට අයත් ඉඩම තවත් වසර 99කට මේ සංගමයට ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම එම ඉඩම අවට ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට අප සැලසුම් කර තිබෙනවා.
කොළඹ තරුණ බෞද්ධ සංගමයේ 125 වැනි සංවත්සරයේ තේමාව වන්නේ ‘ එක ශ්‍රී ලංකාවක කතිකාව’ යන්නයි. අද රටට අවශ්‍ය වන්නේ ද මෙයයි. අද සියලුදෙනා පවසන්නේ එකම ශ්‍රී ලංකාවක් අවශ්‍ය බවයි. යුද්ධයට සම්බන්ධ සියලු ප්‍රශ්නවලට 2025 වන විට විසදුම් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. අවතැන්වූවන්ගේ මෙන්ම අතුරුදන්වූවන්ගේ ගැටළුවලට අදාළ දේශපාලන විසඳුම් ලබා දෙනවා. එසේම නාගදීපය කේන්ද්‍ර කරගත් ආගමික මධ්‍යස්ථානය තවත් පුළුල් කිරීමට වගේම සුවිශේෂී හින්දු දේවස්ථානයක් යාපනයේ ස්ථාපිත කිරීමට අප අපේක්ෂා කරනවා.අපි එකතු වෙලා ඉදිරියට යමු. අප මෙහිදී තරුණයන් සමඟ සාකච්ඡා කළ යුතුයි. ඔවුන්ගේ යෝජනා, සැලසුම්, සහ අදහස් රට ගොඩනැගීමට අවශ්‍යයි.වර්තමානය දෙස නොව අනාගතය දෙස අප බැලිය යුතුයි. එහිදී ඩී. බී. ජයතිලක මැතිතුමා එදා ඇති කළ ආකාරයේ සැලස්මක් නැවත අවශ්‍යයි. ඒ වගේම රටක් සියලුදෙනා එකට එකතුවී රටක් ලෙස ඉදිරියට යා හැකි සැලැස්මක් අවශ්‍යයි.
අතීතයේ සිටම ශ්‍රී ලංකාව කෘෂිකර්මය කේන්ද්‍ර කරගත් රටක්. සුරක්ෂිත කෘෂිකර්මාන්තයක් තුළින් අපේ ආහාර බෝග අපනයනය කළ හැකියි. මෙවැනි විශාල වැඩකොටසක් අපට ඉදිරියට කිරීමට තිබෙනවා. ඒ වගේම දූෂණ විරෝධී කොමිසම සම්මත කර තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාවෙන් ඊට අදාළ කමිටුව පත් කර තිබෙනවා. එතැනින් නතර නොවී අපේ මූල්‍ය රෙගුලාසි වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවට අනුව මූල්‍ය පාලනය පිළිබඳ වාර්තාවක් දී තිබෙනවා. ටෙන්ඩර් කැඳවන්නේ, මුදල් වියදම් කරන්නේ කෙසේද යන්න ඇතුළු සියල්ලක්ම එහි ඇතුළත් කර තිබෙනවා. ඒක ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ වෙනම කොමිසමක් පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී සිය වගකීම නිසි පරිදි ඉටු කිරීමට රජයේ මූල්‍ය භාර නිලධාරීනුත් කටයුතු කළයුතුයි.
ඒ වගේම මේ රටේ දේශපාලන පක්ෂ පාලනය කරන නීතිරීති අවශ්‍යයි. ලෝකයේ අනෙක් රටවල ක්‍රියාත්මක කරන දේශපාලන ක්‍රියාවලිය අධ්‍යයනය කරන්නත් කමිටුවක් පත් කර තිබෙනවා. මෙය විශාල කාර්යභාරයක් බව කිවයුතුයි. ලෝකය සමඟ අප ඉදිරියට යනවා නම් අනික් රටවල් සමග එකතු විය යුතුයි. ඒ සඳහා රටවල් සමඟ නිදහස් වෙළෙද ගිවිසුම් අවශ්‍යයි.සිංගප්පුරුව සමඟ දැනටමත් නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඉන්දියාව සමඟ පවත්වන සාකච්ඡා අවසන් වෙමින් පවතිනවා. චීනය සමඟ සාකච්ඡා ආරම්භ කළා. තායිලන්තය සමඟ අප්‍රේල් මාසයේදී ගිවිසුම් අත්සන් කරනවා. ඒ වගේම මියන්මාරය සමඟත් සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මියන්මාරයේ ප්‍රශ්න තිබුණත් අපට ඒවා සම්බන්ධ කරගත යුතු නැහැ. ලාඕසය, වියට්නාමය සමඟත් අපේ සම්බන්ධතා පවත්වා ගැනීම අවශ්‍යයි. ඔවුන්ගේ ආර්ථිකය ලෝකයට විවෘත කලා වගේම අපේ ආර්ථිකය ද ලෝකයට විවෘත කළ හැකියි. ඔවුන් සාර්ථක වුණා නම් අපි කොහොමද අසාර්ථක වෙන්නේ. කාම්බෝජය සැලකුවහොත් ඔවුන් ඉතා කෙටි කාලයක් තුළ විශාල ආර්ථික දියුණුවක් ඇති කර ගෙන තිබෙනවා. මේ අලුත් ආර්ථික දර්ශනයට අප රටක් ලෙස යා යුතුයි. ඇතැම් පක්ෂ සාම්ප්‍රදායික ලෙස සිතුවත් අපට අවශ්‍ය සියලුදෙනා ඒකරාශී කරගෙන එකම ආර්ථික වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යාමටයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32