මුතුරාජවෙල හරි අඩක් අතුරුදන්

1996 අංක 947/13 දරන ගැසට් පත්‍රය මගින් මුතුරාජවෙල අභයභූමියක් ලෙස ගැසට් කර තිබුණද එම අභයභූමියේ මායිම් ලකුණු කිරිමක් මේ දක්වා සිදු නොවීම පිලිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා කමිටුවේ දැඩි අවදානයට යොමු වී තිබෙනවා.

එම ගැසට් පත්‍රයෙන්ම මුතුරාජවෙල පරිසර පද්ධතිය මධ්‍යම පරිසර අධිකාරිය විසින් හෙක්ටයාර 2569ක් ලෙස හඳුනාගෙන තිබුණද මේ වන විට ඉන් හෙක්ටයාර 1285ක් පමණක් අභයභූමිය ලෙස සැලකීමට හේතු කවරේද යන්න පිලිබඳවත් මෙහිදී විමසීමට ලක් වුනා.

තවද හෙක්ටයාර 6000ට අධික මුතුරාජවෙල පරිසර පද්ධතියට අයත් සමස්ත ඉඩම් ප්‍රමාණය සහ එතුල පවත්නා රජයේ  සහ පුද්ගලික ඉඩම් ප්‍රමාණයන් තවමත් නිසි  හඳුනා ගැනීමක් කිරීමට අදාල ආයතන අසමත් වීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

ඊට අමතරව මුතුරාජවෙල සිදුකරන සමීක්ෂණ හා පර්යේෂණ ප්‍රතිඵල,අදාල සියලුම අංශ අතර යාවත්කාලීන කිරීම හා ශ්‍රී ලංකාවට ආවේනික ශාක වාණිජකරණය නැවැත්වීමට මෙන්ම ජාන මංකොල්ලයන් නැවැත්වීමට විශේෂ සම්බන්ධිකරණ ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කර තිබෙනවා. මෙහිදී රම්සා තෙත් බිම් කලාපයක් වන මුතුරාජවෙල ආරක්ෂා කර ගැනීමට වගකිවයුතු සියළු පාර්ශවයන්ගෙන් සැදුම් ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමටත්   රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව තීරණය කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09