කථානායක මහින්ද යාපා අබේවර්ධන උගන්ඩා ජනපති, අගමැති හා කථානායක අතර සාකච්ඡා

පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ (CSPOC) 27 වැනි සමුළුවට සහභාගී වීම සඳහා උගන්ඩාවේ නිල සංචාරයක නිරතව සිටින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා උගන්ඩා ජනාධිපති යුවේරි කගුටා මුසවේනි මහතා, අග්‍රාමාත්‍ය රොබිනා නබන්ජා මහත්මිය සහ පාර්ලිමේන්තුවේ කථානායක අනීටා අමන්ග් මහත්මිය හමුවී තිබෙනවා.

කතානායකවරයා සහ උගන්ඩා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ඔරියම් හෙන්රි ඔකෙලෝ මහතා අතර ද හමුවක් ද පැවති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ.

මෙහිදී පැවති සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව සහ උගන්ඩාව අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කර ගැනීම පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා. දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතාව සහ අවබෝධය වැඩි කිරීම මෙන්ම අන්‍යෝන්‍ය උනන්දුවක් ඇති ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර සහ උගන්ඩාවේ ශ්‍රී ලංකා තානාපති වේලුපිල්ලේ කනනාතන් යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියා.

ජනවාරි 3 වැනිදා සිට 6 වැනිදා දක්වා උගන්ඩාවේ කම්පාලා නගරයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ (CSPOC) 27 වැනි සමුළුවට සහභාගි වීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස ජනවාරි 3 වැනිදා උගන්ඩාවට පැමිණියා.

මෙම සමුළුව සදහා පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ව්‍යවස්ථාදායකයන්හි කථානායකවරුන් සහභාගි වනවා.

1969 වසරේදී එවකට කැනඩාවේ පාර්ලිමේන්තුවේ කථානායක ලූෂන් ලැමුරෙක්ස් මහතාගේ මූලිකත්වයෙනුයි මෙය ආරම්භවී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49