AFC Banner
Empty Ad
Empty Ad

කථානායක මහින්ද යාපා අබේවර්ධන උගන්ඩා ජනපති, අගමැති හා කථානායක අතර සාකච්ඡා

පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ (CSPOC) 27 වැනි සමුළුවට සහභාගී වීම සඳහා උගන්ඩාවේ නිල සංචාරයක නිරතව සිටින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා උගන්ඩා ජනාධිපති යුවේරි කගුටා මුසවේනි මහතා, අග්‍රාමාත්‍ය රොබිනා නබන්ජා මහත්මිය සහ පාර්ලිමේන්තුවේ කථානායක අනීටා අමන්ග් මහත්මිය හමුවී තිබෙනවා.

කතානායකවරයා සහ උගන්ඩා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ඔරියම් හෙන්රි ඔකෙලෝ මහතා අතර ද හමුවක් ද පැවති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ.

මෙහිදී පැවති සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව සහ උගන්ඩාව අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කර ගැනීම පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා. දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතාව සහ අවබෝධය වැඩි කිරීම මෙන්ම අන්‍යෝන්‍ය උනන්දුවක් ඇති ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර සහ උගන්ඩාවේ ශ්‍රී ලංකා තානාපති වේලුපිල්ලේ කනනාතන් යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියා.

ජනවාරි 3 වැනිදා සිට 6 වැනිදා දක්වා උගන්ඩාවේ කම්පාලා නගරයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ (CSPOC) 27 වැනි සමුළුවට සහභාගි වීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස ජනවාරි 3 වැනිදා උගන්ඩාවට පැමිණියා.

මෙම සමුළුව සදහා පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ව්‍යවස්ථාදායකයන්හි කථානායකවරුන් සහභාගි වනවා.

1969 වසරේදී එවකට කැනඩාවේ පාර්ලිමේන්තුවේ කථානායක ලූෂන් ලැමුරෙක්ස් මහතාගේ මූලිකත්වයෙනුයි මෙය ආරම්භවී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News 🛑
02:21
Video thumbnail
Breaking News🛑ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක් - ප්‍රහාරයක් එල්ලවීමේ තර්ජනයක්
01:11
Video thumbnail
Breaking News🛑BMW සිද්ධියට ජෝන්ස්ටන් CID ගෙන්වයි
01:06
Video thumbnail
පිරිස ඉදිරියේ දිල්ශාන් කොරවුණ ප්‍රශ්නය #dilshan
02:45
Video thumbnail
Breaking News 🛑බෙංගාල බොක්ක කැලඹෙයි - සුළි සුළඟකුත් ඇතිවන ලකුණු #badweather
02:51
Video thumbnail
ඇහේ කඳුළු පුරෝගෙන පාස්කු ප්‍රහාරය ගැන රන්ජන් කිව්ව කතාව
05:54
Video thumbnail
දැන් තරුණයෝ රට ගොඩගන්න සල්ලි එවන්න සූධානම් #akd #npp
03:57
Video thumbnail
විපක්ෂ නායක තනතුරට සිහින දකින සර්වජන බලයේ හාම්පුත්තු - ජනපතිට දාපු කිංඩිය #akd #dilithjayaweera
06:39
Video thumbnail
දසත ප්‍රහාරයට ආපු ටිල්වින් සංවේදී වී දිව්රලා කිව්ව කතාව - කවුරුත් ඇසිය යුතුම කතාවක් #npp #akd
07:12
Video thumbnail
මේ ලොකේ කවුරුත්ම සීයට සීයක්ම ගැලපෙන්නේ නෑ
05:51

?