මවට බෙහෙත් ගන්න කොළඹ ගිය දියණියට මව සමග යළි ගෙදර එන්න බැරි වෙයි (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් මවක් සහ දියණියක් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

කොළඹ සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙනුයි ඊයේ (03) රාත්‍රී මෙම අනතුර සිදුවී ඇත්තේ.

වෑන් රථයේ ගමන් ගත් මව එම ස්ථානයේම ජිවිතක්ෂයට පත්වූ අතර දියණිය කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්තොට ලුණම ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක් සහ 31 හැවිරිදි ඇගේ දියණියයි.

31 හැවිරිදි දියණිය ලංකා බැංකුවේ බරවකුඹුක ශාඛාවේ සහකාර කළමනාකාරිය ලෙස කටයුතු කළ අයෙක්.

මෙම අනතුර සිදුව ඇත්තේ කුරුඳුගහහැතැප්ම පිවිසුමේ සිට ගාල්ල දෙසට කිලෝමීටර 3ක් පමණ දුරකින්.

මෙම දියණිය තම මව වෛද්‍යවරයකුට පෙන්වා බෙහෙත් ගැනීම සඳහා කොළඹ ගොස් යළි එන අතරතුර මෙම අනතුර සිදුව තිබුණා.

මෙම අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරා සහ තවත් කුඩා දරුවෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. කුඩා දරුවා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49