spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මවට බෙහෙත් ගන්න කොළඹ ගිය දියණියට මව සමග යළි ගෙදර එන්න බැරි වෙයි (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් මවක් සහ දියණියක් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

කොළඹ සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙනුයි ඊයේ (03) රාත්‍රී මෙම අනතුර සිදුවී ඇත්තේ.

වෑන් රථයේ ගමන් ගත් මව එම ස්ථානයේම ජිවිතක්ෂයට පත්වූ අතර දියණිය කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්තොට ලුණම ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක් සහ 31 හැවිරිදි ඇගේ දියණියයි.

31 හැවිරිදි දියණිය ලංකා බැංකුවේ බරවකුඹුක ශාඛාවේ සහකාර කළමනාකාරිය ලෙස කටයුතු කළ අයෙක්.

මෙම අනතුර සිදුව ඇත්තේ කුරුඳුගහහැතැප්ම පිවිසුමේ සිට ගාල්ල දෙසට කිලෝමීටර 3ක් පමණ දුරකින්.

මෙම දියණිය තම මව වෛද්‍යවරයකුට පෙන්වා බෙහෙත් ගැනීම සඳහා කොළඹ ගොස් යළි එන අතරතුර මෙම අනතුර සිදුව තිබුණා.

මෙම අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරා සහ තවත් කුඩා දරුවෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. කුඩා දරුවා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
0
+1
3
+1
21
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?