ලක්ෂ 27ක දුම්වැටි කටුනායකදී අත්අඩංගුවට

රුපියල් විසි හත් ලක්ෂ දොලොස් දහසක් (2,712,000) පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

ඔහු අද අලුයම 04.51ට ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන ගුවන් සේවයේ OV- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එම ව්‍යාපාරිකයා රැගෙන ආ ගමන් මලු 03ක “මැන්චෙස්ටර්” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 27,120ක් අඩංගු දුම්වැටි කාටූන් 135ක් සහ තවත් පැකට් 06ක් සූක්ෂම ලෙස සඟවා ගෙන සිටියදී පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මෙම ව්‍යාපාරිකයා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12