AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රීවිල්, දුම්රිය, පාසල් හා කාර්යාල ප්‍රවාහන සේවා ගාස්තු තීරණය කිරීම ගමනාගමන කොමිසමට

ත්‍රීරෝද රථ ගාස්තු, පාසල් ළමුන් ප්‍රවාහන සේවා ගාස්තු, කාර්යාල ප්‍රවාහන සේවා ගාස්තු සහ දුම්රිය ගාස්තු පිළිබඳ තීරණ ගැනීමේ බලය ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ලබා දී තිබෙනවා.

අද (02) දහවල් පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළා.

විෂභාර අමාත්‍යවරයා ලෙස තමන් ප්‍රවාහන කේෂ්ත්‍රයට අදාළ ගාස්තු පිළිබඳ තීරණ ගැනීමේ බලය ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ලබාදෙන ලෙස දන්වමින් අමාත්‍යමණ්ඩල පත්‍රිකාවක් යොමුකර ඇති බව ද ඔහු පැවසුවා.

එමෙන්ම ඊට අදාළ පනත වෙනස් කිරීම සඳහා මේ වනවිටත් නීතිපතිවරයා වෙත අදාළ ලියකියවිලි යවා ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ අනුව වඩාත් සාධාරණ ලෙස මිල ප්‍රතිපත්තියක් ඇති කළ හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?