ත්‍රීවිල්, දුම්රිය, පාසල් හා කාර්යාල ප්‍රවාහන සේවා ගාස්තු තීරණය කිරීම ගමනාගමන කොමිසමට

ත්‍රීරෝද රථ ගාස්තු, පාසල් ළමුන් ප්‍රවාහන සේවා ගාස්තු, කාර්යාල ප්‍රවාහන සේවා ගාස්තු සහ දුම්රිය ගාස්තු පිළිබඳ තීරණ ගැනීමේ බලය ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ලබා දී තිබෙනවා.

අද (02) දහවල් පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළා.

විෂභාර අමාත්‍යවරයා ලෙස තමන් ප්‍රවාහන කේෂ්ත්‍රයට අදාළ ගාස්තු පිළිබඳ තීරණ ගැනීමේ බලය ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ලබාදෙන ලෙස දන්වමින් අමාත්‍යමණ්ඩල පත්‍රිකාවක් යොමුකර ඇති බව ද ඔහු පැවසුවා.

එමෙන්ම ඊට අදාළ පනත වෙනස් කිරීම සඳහා මේ වනවිටත් නීතිපතිවරයා වෙත අදාළ ලියකියවිලි යවා ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ අනුව වඩාත් සාධාරණ ලෙස මිල ප්‍රතිපත්තියක් ඇති කළ හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23
Video thumbnail
මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙක්ට ගිහින්..නලින්ද සියල්ල එළියට එයි
02:51
Video thumbnail
ජනපති පත්කරපු ලේකම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
10:28