වැට් නිසා ජනතාව මත පැටවෙන්නේ අඩු බදු බරක් (වීඩියෝ)

වැට් සංශෝධනය හේතුවෙන් ජනතාව මත පැටවෙන බදු බර ප්‍රමාණාත්මකව අඩු අගයක් ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය පැවසුවේ නව බදු පැනවීමෙන් සිදුවන බලපෑම අවම කිරීමට අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බවයි.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත සහ එහි බලපෑම යන මැයෙන් සංවිධාන කර තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ වූ ආකාරයට වැට් සංශෝධනයත් සමඟ ජනතාව මත පැටවෙන්නේ ඉතා අවම බදු බරක්.

කෙසේ වෙතත්, ඩීසල්, පෙට්රල් ඇතුළු අයිතමවලට නව බදු සංශෝධනය අදාළ වන අතර, එය ඍජුවම මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයට බලපෑම් එල්ල කරනු ලබනවා.

එවන් පසුබිමක එය වක්‍රාකාරයෙන් සියලු භාණ්ඩ හා සේවාවන් හි මිල ගණන් කෙරෙහි බලපෑම අනිවාර්ය කරුණක්.

විදුලියට වැට් අදාල නොවුණද ඩීසල් මත පැනවෙන වැට් හේතුවෙන් විදුලි ගාස්තුවට බලපෑමක් එල්ල විය හැකියි.

ඒ හරහා භාණ්ඩ හා සේවා නිෂ්පාදන මිල ගණන් ඉහළ යාම වැළැක්විය නොහැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56