spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැට් නිසා ජනතාව මත පැටවෙන්නේ අඩු බදු බරක් (වීඩියෝ)

වැට් සංශෝධනය හේතුවෙන් ජනතාව මත පැටවෙන බදු බර ප්‍රමාණාත්මකව අඩු අගයක් ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය පැවසුවේ නව බදු පැනවීමෙන් සිදුවන බලපෑම අවම කිරීමට අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බවයි.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත සහ එහි බලපෑම යන මැයෙන් සංවිධාන කර තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ වූ ආකාරයට වැට් සංශෝධනයත් සමඟ ජනතාව මත පැටවෙන්නේ ඉතා අවම බදු බරක්.

කෙසේ වෙතත්, ඩීසල්, පෙට්රල් ඇතුළු අයිතමවලට නව බදු සංශෝධනය අදාළ වන අතර, එය ඍජුවම මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයට බලපෑම් එල්ල කරනු ලබනවා.

එවන් පසුබිමක එය වක්‍රාකාරයෙන් සියලු භාණ්ඩ හා සේවාවන් හි මිල ගණන් කෙරෙහි බලපෑම අනිවාර්ය කරුණක්.

විදුලියට වැට් අදාල නොවුණද ඩීසල් මත පැනවෙන වැට් හේතුවෙන් විදුලි ගාස්තුවට බලපෑමක් එල්ල විය හැකියි.

ඒ හරහා භාණ්ඩ හා සේවා නිෂ්පාදන මිල ගණන් ඉහළ යාම වැළැක්විය නොහැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?