කතක් සමඟ ලැඟුම්හලට ආ පුද්ගලයෙක් ජීවිතක්ෂයට – කාන්තාව පළා ගිහින්

බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි ලැඟුම්හලකට කාන්තාවක් සමඟ පැමිණි පුද්ගලයෙක් හදිසියේ මිය යාමත් සමඟ ඔහු සමඟ පැමිණි කාන්තාව හොර රහසේ පළාගොස් ඇති බව වාර්තා වනවා.

මෙම යුවළ ඊයේ (25) දින දහවල් කාලයේ අදාළ ලැඟුම්හල වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් ලැඟුම්හල වෙත පැමිණ පය කිහිපයකින් පසු කාන්තාව කෑ ගසමින් ඔවුන් රැඳී සිටි කාමරයෙන් පිටතට පැමිණ තිබෙනවා.

එලෙස කලබලයෙක් පැමිණි කාන්තාව ලැඟුම්හලේ කළමනාකරුට පවසා ඇත්තේ තමන් සමඟ පැමිණි පුද්ගලයාට අසනීප බවයි.

පසුව කළමනාකරුට එහි ගොස් බැලීමේ දී අදාළ පුද්ගලයාගේ කටින් සෙම වැගිරී තිබෙන අයුරු දැක වහාම ඔහුව රෝහල් ගත කිරීමට ත්‍රීරෝද රථයක් රැගෙන ඒම සඳහා ලැඟුම්හලෙන් පිටතට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ අදාළ කාන්තාව ලැඟුම්හලෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අසනීප වූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වේරහැර, බෝධිරාජා පුර ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
14
+1
3
+1
3
+1
5
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?