යාපනය රෝහලේ කාර්යමණ්ඩලයේ පිරිසකට කොවිඩ

යාපනය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු, රෝගීන් 6 දෙනෙකු හා රෝහල් සේවකයින් පිරිසක් ඇතුළු 19 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (26) තහවුරු වී තිබේ.

යාපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය එස්. ශ්‍රීබවානන්දරාජ් මහතා පැවසුවේ අදාළ ආසාදිතයින් පිරිස නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බවය.

ඒ අනුව රෝහල් පරිශ්‍රය විෂබීජහරණය කිරීමට ද කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවූවත් රෝගීන් බැලීමට පැමිණීමේදී අත්‍යවශ්‍ය පුද්ගලයින් පමණක් පැමිණෙන ලෙස එහිදී ඉල්ලීමක්ද කෙරුණි.

යාපනය දිස්ත්‍රික්කය තුළින් කොවිඩ් ආසාදිතයින් වැඩිවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් යාපනය දිස්ත්‍රික්කයේ කොටසකට සංචරණ සීමා පනවා ඇති බවද උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ.කේදීශ්වරන් මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?