හිදෝගම, කළුආරච්චියාගම ප්‍රදේශයේ කාන්තාවක් නිවස තුළ දී ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
අද (17) පෙරවරුවේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ වයස අවුරුදු 65ක දරුවන් සිව්දෙනෙකුගේ මවක්.
මෙම කාන්තාව තම රෝගීව සිටින සැමියා සමඟ තනිවම ජීවත්ව ඇති අතර, පොලීසියට ලද තොරතුරක් මත කාන්තාවගේ මළ සිරුර සොයා ගත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත් මියගිය කාන්තාවගේ පවුලේ ඥාතීන් පවසන්නේ මෙය සියදිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බවයි.
කවුරුන් හෝ ඇයට පහර දී ඝාතනය කර පසුව නිවසේ බාල්කයේ එල්ලා ඇති බවයි ඔවුන් පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හිදෝගම පොලිසිය විසින් සිදුකරනු ලබනවා.














MEKA THAMAYI ADA RATEYI KEDHAWACHAKAYA. LAMAYINTA DEMAWUPIYAN TA SALAKANNA SALLI NAHE, EKKO BALANNE NAHE. DEMAWUPIYANTA KANNA BONNA BEHETH GANNA WIDHIHAK NAHE. LEDA ODU DUWANAWA. MARENA EKA SEPAYI KIYALA HITHANAWA THATH EEWATH WENAWATA WADA.