රෝහිත් ඉවත්කිරීමේ තීරණයෙන් පසු ප්‍රේක්ෂකයින්ගෙන් මුම්බායි පිළට දැඩි බලපෑම්

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වයේ වෙනස් සිදුකරමින් රෝහිත් ශර්මා එම තනතුරෙන් ඉවත් කිරීමට එහි කළමනාකාරිත්වය කටයුතු කළා.

ඒ, අනුව මුම්බායි කණ්ඩායමේ නායකත්වයට හර්දික් පාණ්ඩ්‍යා පත් කිරීමයි ඊයේ (15) කටයුතු කළේ.

මුම්බායි ඉන්දියන්ස් හිමිකාරිත්වය ගනු ලැබූ මෙම තීරණාත්මක තීරණය සම්බන්ධයෙන් මුම්බායි ප්‍රේක්ෂකයින් බහුතරයක් දැඩි අප්‍රසාදය පළකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇතැම් මුම්බායි ප්‍රේක්ෂකයින් මුම්බායි ඉන්දියන්ස් කමිස සහ ධජ පුළුස්සා දමමින් සිය විරෝධත්වය පළකරන ආකාරය එරට මාධ්‍ය වාර්තාකර තිබුණා.

පසුගිය තරගාවලි දෙක තුළ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ හර්දික් පාණ්ඩ්‍යා 2024 අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක්කර ගත්තේ ගුජරාට් ටයිටන්ස් සමඟ සිදුකළ ඉහළපෙළේ වෙළඳ ගනුදෙනුවකින් පසුවයි.

එම වෙළඳ ගනුදෙනුවෙන් පසුව ඇතැම් විචාරකයින් මත පළකර සිටියේ මුම්බායි ඉන්දියන්ස් නයකත්වයේ ද වෙනසක් සිදුවීමට නියමිත බවයි.

විචාරකයින්ගේ එම මතයන් සනාථ කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සිය නායකත්වයේ වෙනස් කිරීමේ තීරණය ඊයේ (15) නිවේදනය කළා.

මේ අතර නායකත්වයෙන් රෝහිත් ඉවත් කිරීමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මුම්බායි ඉන්දියන්ස් සමාජ මාධ්‍ය ජාලවලට ද ඉන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බව සඳහන්.

එහි ප්‍රතිඵලයක් ලෙස මුම්බායි ඉන්දියන්ස් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙන් ලක්ෂ දෙකකට ආසන්න අනුගාමිකයින් පිරිසක් මේ වන විටත් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00