රෝහිත් ඉවත්කිරීමේ තීරණයෙන් පසු ප්‍රේක්ෂකයින්ගෙන් මුම්බායි පිළට දැඩි බලපෑම්

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වයේ වෙනස් සිදුකරමින් රෝහිත් ශර්මා එම තනතුරෙන් ඉවත් කිරීමට එහි කළමනාකාරිත්වය කටයුතු කළා.

ඒ, අනුව මුම්බායි කණ්ඩායමේ නායකත්වයට හර්දික් පාණ්ඩ්‍යා පත් කිරීමයි ඊයේ (15) කටයුතු කළේ.

මුම්බායි ඉන්දියන්ස් හිමිකාරිත්වය ගනු ලැබූ මෙම තීරණාත්මක තීරණය සම්බන්ධයෙන් මුම්බායි ප්‍රේක්ෂකයින් බහුතරයක් දැඩි අප්‍රසාදය පළකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇතැම් මුම්බායි ප්‍රේක්ෂකයින් මුම්බායි ඉන්දියන්ස් කමිස සහ ධජ පුළුස්සා දමමින් සිය විරෝධත්වය පළකරන ආකාරය එරට මාධ්‍ය වාර්තාකර තිබුණා.

පසුගිය තරගාවලි දෙක තුළ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ හර්දික් පාණ්ඩ්‍යා 2024 අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක්කර ගත්තේ ගුජරාට් ටයිටන්ස් සමඟ සිදුකළ ඉහළපෙළේ වෙළඳ ගනුදෙනුවකින් පසුවයි.

එම වෙළඳ ගනුදෙනුවෙන් පසුව ඇතැම් විචාරකයින් මත පළකර සිටියේ මුම්බායි ඉන්දියන්ස් නයකත්වයේ ද වෙනසක් සිදුවීමට නියමිත බවයි.

විචාරකයින්ගේ එම මතයන් සනාථ කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සිය නායකත්වයේ වෙනස් කිරීමේ තීරණය ඊයේ (15) නිවේදනය කළා.

මේ අතර නායකත්වයෙන් රෝහිත් ඉවත් කිරීමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මුම්බායි ඉන්දියන්ස් සමාජ මාධ්‍ය ජාලවලට ද ඉන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බව සඳහන්.

එහි ප්‍රතිඵලයක් ලෙස මුම්බායි ඉන්දියන්ස් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙන් ලක්ෂ දෙකකට ආසන්න අනුගාමිකයින් පිරිසක් මේ වන විටත් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14