සහල් මිල ගැන පාරිභෝගිකයන්ගෙන් චෝදනා

වෙළෙඳ පොළේ ඇතැම් සහල් වර්ගවල මිල සති දෙකකට පමණ පෙර පැවැති මිලට වඩා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයන් චෝදනා කරනවා.

සහල් වෙළෙඳුන් පෙන්වා දෙන්නේ මහාපරිමාණ සහල් මෝල් හිමියන් විසින් සහල් තොග සැගවීම හේතුවෙන් මෙම මිල ඉහළ යාම සිදුව ඇති බවයි.

රතු සහ සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 200 ත් 210 ක් අතර ද, නාඩු සහල් කිලෝවක් රුපියල් 210 සිට 220 අතර ද, සම්බා සහල් කිලෝවක් රුපියල් 230 සිට 245 අතර මිලකට කොළඹ සහ අවට ප්‍රදේශවල අළෙවි වන බවට මහ බැංකු දෛනික වාර්තා මගින් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් පොළොන්නරුවේ ප්‍රධාන සහල් නිෂ්පාදන සමාගම් විසින් මේ වන විට ව්‍යාජ සහල් හිඟයක් ඇති කරමින් පවතින බවට වෙළෙඳුන් චෝදනා කරනවා.

රජයේ පාලන මිල සඳහන් කර තිබුණ ද වෙළෙඳ පොළේ සහල් අලෙවි වෙන මිල ඊට වඩා බොහෝ වැඩි බවටයි සිල්ලර වෙළෙදුන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් පවතින ආර්ථික තත්වය මත සහල් මිලද මෙලෙස ඉහළ යාම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවටයි පාරිභෝගික ජනතාව මැසිවිලි නඟන්නේ.

මේ අතර වෙළෙඳපොලේ බිත්තර මිලද ඉහළ ගොස් ඇති පසුබිමක ඊයේ මහපොල උත්සවය අතරතුර වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සහ බිත්තර නිශ්පාදකයින් අතර හමුවක් සිදු වුණා.

ඒ සාකච්ඡාවෙන් අනතුරුව බිත්තර නිශ්පාදකයින් පැවසුවේ සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළ නොහැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56