අධික වර්ෂාව හේතුවෙන් පාලමක් කඩා වැටී දෙදෙනෙකු රෝහල් ගත කරයි (වීඩියෝ)

පැවැති අධික වර්ෂාවත් සමගම පාලමක් කඩා වැටීම හේතුවෙන් එම අවස්ථාවේ දී ඒ මතින් ගමන් ගත් කාන්තාවන් දෙදනෙකු ඔයට වැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

වැලිමඩ හා හපුතලේ මැතිවරණ කොට්ඨාශ යා කරමින් උමා ඔයේ අතු ගංගාවක් වන මැදකදුර ඔය හරහා ඉදිකර ඇති මැදකදුර පාලම මතින් දැඩි වර්ෂාව මැද ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු හිටි හැටියේම පාලම කඩා වැටීමෙන් ඉන් ඇද වැටී තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් දියතලාව මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර මින් එක් කාන්තාවක් බරපතල තත්වයෙන් පසුවන බව වාර්ථා වනවා.

මෙම පාලම මතින් ප්‍ර-දේශයේ පවුල් හාරසියයක පමණ ජනතාව ගමන් ගන්නා අතර පාලම කඩා වැටීමෙන් ඔවුන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර අක්‍රමවත් ඉදිකිරීම් හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවට ජනතාව චෝදනා කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?