බිත්තර සහ කුකුළු මස් මිල සීඝ්‍රයෙන් ඉහළට

උත්සව සමය එළැඹීමත් සමග මෙරට වෙළෙඳපොළේ බිත්තර සහ කුකුළු මස් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගික ජනතාව චෝදනා කරනවා.

අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ මිල පාලනය කිරීමට වෙළෙඳුන් සහ නිෂ්පාදකයින් කටයුතු නොකරන්නේ නම් බිත්තර සහ කුකුළු මස් ආනයනය කිරීමට පියවර ගන්නා බවයි.

මෙරට දෛනික කුකුළු මස් පරිභෝජනය මෙට්‍රික් ටොන් 500ක්.

නමුත් උත්සව සමය එළැඹීම සහ සංචාරක හෝටල් රැසක් දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරී පැවතීම මත කුකුළු මස් සඳහා ඇති දෛනික ඉල්ලුම මෙට්‍රික් ටොන් 600ක් පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පාරිභෝගිකයන් පවසන්නේ දැනට සති දෙකකට පමණ පෙර සම සහිත කුකුළු මස් කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 850ක පමණ මිලට වෙළෙඳපොළේ අලෙවි කෙරුණ බවයි.

එළවළු සහ මත්ස්‍ය මිල ගණන් පහළ මට්ටමක පැවතීම හේතුවෙන් කුකුළු මස් සඳහා පැවති ඉල්ලුම අඩු වීම එලෙස මිල පහළ යෑමට හේතුවූ බව වෙළෙඳුන් පවසනවා.

කෙසේ වෙතත් අද වන විට සම සහිත කුකුළු මස් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 950ත් 1200ත් අතර මිලකට ද සම රහිත කුකුළු මස් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 1200ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල යළිත් ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා.

ඇතැම් ප්‍රදේශවල බිත්තර අලෙවිසැල්වල රතු බිත්තරයක් රුපියල් 62 කටත්, සුදු බිත්තරයක් රුපියල් 59ත් 60ත් අතර මිලකටත් අලෙවි වනවා.

උත්සව සමයේ අතිරේක වාසි ලබා ගැනීම සඳහා මෙලෙස මිල ඉහළ නංවා ඇතැයි පාරිභෝගිකයන් මැසිවිලි නඟනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39