යතුරුපැදියට නංවා නොගත් නිසා පොලිස් සැරයන්ට පොල්ලකින් ගහලා

යතුරුපැදියක නංවාගෙන යාම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියෙකුට පොල්ලකින් පහරදුන් බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය පවසනවා.

ඊයේ (11) පස්වරුවේ ආඩිගම, පෙරියමඩුව ප්‍රදෙශයේ දී මෙම පහරදීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

රස්නායක පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන්වරයෙක් සේවය අවසන් කර ඔහු පදිංචි කොත්තන්තිව්, කරවාමඩුව ප්‍රදේශයේ පිහිටි නිවසට යතුරුපැදියෙන් ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී ආඩිගම, පෙරියමඩුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු යතුරුපැදිය නවත්වා තමන්වත් රැගෙන යන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පොලිස් නිලධාරියා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එම අවස්ථාවේ දී අදාළ පුද්ගලයා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වුණේ.

පහරකෑමට ලක් වූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත්ව ඇති අතර පහරදීම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද (12) දිනයේ හලාවත මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව බව පල්ලම පොලීසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?