යතුරුපැදියට නංවා නොගත් නිසා පොලිස් සැරයන්ට පොල්ලකින් ගහලා

යතුරුපැදියක නංවාගෙන යාම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියෙකුට පොල්ලකින් පහරදුන් බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය පවසනවා.

ඊයේ (11) පස්වරුවේ ආඩිගම, පෙරියමඩුව ප්‍රදෙශයේ දී මෙම පහරදීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

රස්නායක පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන්වරයෙක් සේවය අවසන් කර ඔහු පදිංචි කොත්තන්තිව්, කරවාමඩුව ප්‍රදේශයේ පිහිටි නිවසට යතුරුපැදියෙන් ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී ආඩිගම, පෙරියමඩුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු යතුරුපැදිය නවත්වා තමන්වත් රැගෙන යන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පොලිස් නිලධාරියා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එම අවස්ථාවේ දී අදාළ පුද්ගලයා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වුණේ.

පහරකෑමට ලක් වූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත්ව ඇති අතර පහරදීම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද (12) දිනයේ හලාවත මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව බව පල්ලම පොලීසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55