ඔරුගොඩවත්ත, බේස්ලයින් මාර්ගයේ දී මෝටර් රථය අනතුරට පත් කර පුද්ගලයෙකුට අතින් පයින් පහර දී තුවාල සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට පවරා ඇති නඩුව යළි ජනවාරි 05 වන දින කැඳවිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද (10) නියෝග කළා.
ලසන්ත අබේවර්ධන යන නැමැත්තකු 2021 මාර්තු 02 වැනිදා ඔරුගොඩවත්ත, බේස්ලයින් මාර්ගයේ මෝටර් රථය පදවමින් සිටියදී එය අනතුරට පත් කර පහර දීමේ සිද්ධියට අදාළ නඩුවෙහි අද දින විත්තියේ සාක්ෂි විභාගය කිරීමට දින යෙදී තිබුණාත්, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා හට කොළඹ මහාධිකරණයේ නඩු ගොනුවක් තිබෙන බැවින් මෙම අධිකරණයට පෙනී සිටීමෙන් නොහැකි බව පවසා නඩුකරයේ සඳහා ඉදිරි දිනයක් ඉල්ලා සිටියා.
එලෙස ඉදිරි දිනයක් ඉල්ලා සිටියේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීමටයි.
එමෙන්ම විත්තියේ නීතිඥවරයා පවසා සිටියේ තම සේවාදායකයාට සෑම මසකම 1,3 සතියන්හි පාර්ලිමේන්තු යෑමට අවශ්‍ය බැවින් එම දිනයන් හැර වෙත් දිනයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විත්තියේ සාක්ෂි විමසීමට ජනවාරි 05 වනදා නඩුකරය කැඳවීමට නියෝග කළා.
