අනුරාධපුර – යාපනය ප්‍රධාන මාර්ගයේ, රඹෑව ප්‍රදේශයේ දී අද (10) පෙරවරුවේ බස් රථ තුනක් එකිනෙක ගැටී දරුණු අනතුරක් සිදුව තිබුණා.
වැසි සහිත කාලගුණය සහ බස් රථ තුනේ අධික වේගය මෙම අනතුරට හේතු වී ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වූ බවයි මිහින්තලය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසුවේ.
ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබූ අතර, අනතුරින් තුවාල ලැබූ පස්දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.
එමන්ම තුවාල ලැබූ තවත් 50කට ආසන්න සංඛ්‍යාවක් අනුරාධපුරය, මැදවච්චිය සහ රඹෑව යන රෝහල් වෙත ඇතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ.
