දකුණේ ප්‍රදේශ කිහිපයකට ගං වතුර අනතුරු ඇඟවීම්

නිල්වලා ගංඟා ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වනවිට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නිල්වලා ගංඟා ද්‍රෝණියේ තුළ නඩත්තතු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව පස්ගොඩ, පිටබැද්දර, කොටගොඩ, අකුරැස්ස, මාලිම්බඩ, අතුරලිය, තිහගොඩ, මාතර සහ දෙව්නුවර යන ප්‍රදේශය ලේකම් කොට්ඨාස වලට ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව අනතුරු අඟවනවා.

ඒ, අනුව එම ප්‍රදේශවල වෙසෙන ජනයාට සැළකිලිමත්ව පසුවන ලෙසයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?