කොරියානු විභාගය අසමත් වූ තරුණයා දිවි නසාගනී

ඉපලෝගම, කලාකරඹෑව ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක් අද (10) සිය නිවස තුළ දී ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 22 හැවිරිදි වියේ පසු වූ අනුහස් දිනෙල්ක විරෝචන නැමැති තරුණයෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය අසමත්වීම හේතුවෙන් මෙම තරුණයා සිත් තැවුලට පත්ව දැඩි කනස්සල්ලෙන් පසු වූ බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, හේතුවෙන් ඔහු මෙලෙස සියදිවි හානි කරගන්නට ඇති බවයි සැකපළ කරන්නේ.

තරුණයාගේ මළ සිරුර මේ වන විට කැකිරාව දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (11) දිනයේ දී පැවැත්වීමට නියමිත බවයි පොලීසිය පැවසුවේ.

ඉපලෝගම පොලිස් ස්ථානය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
2
+1
9
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?