කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට සක කෙරෙන පුද්ගලයෙක් ඊයේ (18) වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකය සහ බස්නාහිර පළාත් අඩවි වන ජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකය සහ බස්නාහිර පළාත් අඩවි වන ජීවි කාර්යාලය ඒකාබද්ධව සිදුකළ විමර්ශනයක දීයි.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (19) දිනයේ ගල්ගමුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
අඹන්පොළ පොලිස් වසමේ හුනුගල්ලෑව ප්රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ අතර, එහිදී ඔහු සන්තකයේ තිබී
බෝර 12 වර්ගයේ ගිනි අවියක්, බෙහෙත් කොටන තුවක්කුවක්, එම පතරොම් 24ක් සහ වියළන ලද දඩමස් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.
සැකකරු අවුරුදු 56කඇහැටුවැව, හුනුගල්ලෑව ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.
