AFC Banner
Empty Ad
Empty Ad

වැට් සංශෝධන පනත හෙට යළි පාර්ලිමේන්තුවට

ඝණ පූර්ණය නොමැතිව පාර්ලිමේන්තුව කල් තැබීම හේතුවෙන් සම්මත කර ගත නොහැකි වූ වැට් සංශෝධනය කෙටුම්පත හෙට (11) දිනයේ යළිත් ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉතා වැදගත් පනත් කෙටුම්පතක් විවාද කරමින් සිටිය දී විපක්ෂය තර්කානුකූලව එය පරාජය කිරීම වෙනුවට වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන බවයි.

අදාළ කෙටුම්පත පසුගිය අ⁣ගෝස්තු මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, වැට් බද්දට අදාළවන භාණ්ඩ ලැයිස්තුව ඊට ඇතුළත් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අද දින එම ලැයිස්තුව ඉල්ලා සිටිමින් විපක්ෂය අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කිරීමට උත්සහ කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

කෙසේ වෙතත් හෙට (11) පෙරවරුවේ අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?